Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 17:38:08 Hours

‘බිලියඩ් සහ ස්නූකර්‘ ක්‍රීඩාව පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් කිලිනොච්චියේදී පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකක නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘බිලියඩ් සහ ස්නූකර්‘ ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (21) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර එය එම මූලස්ථානයේ බිලියඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික බිලියඩ් සංචිතයේ ප්‍රධාන තීරක එස්. එම්. ඊබ්‍රාහිම් මහතා සහ යුද්ධ හමුදා බිලියඩ් සංචිතයේ උපදේශකයින් දෙදෙනෙකු විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී. නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 42 දෙනෙකු මෙම වැඩමුළුවට සහභාගී වූ අතර එහිදී, ඔවුන්ට බිලියඩ් ක්‍රීඩාව පිළිබද ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා ගැනීමට හැකි විය. Nike shoes | jordan Release Dates