22nd February 2020 18:50:40 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාෂන් වැලිකල ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් සමඟ එක්ව මන්නාරම, ශ්‍රීනාත් නගර් ප්‍රදේශයේ ඉකුත් සිකුරාදා (14) දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කළ අතර එම වැඩසටහන් 542 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන රුක් රෝපණ වැඩසටහන් වලට සමගාමීව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත දියත් කරනු ලැබූ මෙම රුක් රෝපණ ව්‍යාපෘතියේදී සිසුවියන් 44 ක්, ගුරුවරුන් 02 ක් සහ දෙමාපියෙකු එක්ව පැළ 55 ක් රෝපණය කිරිම වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්හ.
මෙම ව්‍යාපෘතිය සඳහා 542 වන බලසේනාවේ සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ. url clone | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet