2020-02-28 10:58:33
යුද්ධ හමුදාවේ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරාල් අදීප තිලකරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-02-28 08:00:33
නාවික කණිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 26 හදාරන බංගලාදේශ නාවික නිලධාරියෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරින් විසිතුන්දෙනෙකු සහ උපදේශකයින් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් බදාදා (26) දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූහ.
2020-02-27 17:03:28
2009 මැයි මාසයට පෙර පැවති ත්‍රස්ත ප්‍රහාරවලින් 7 වතාවක් තුවාල ලැබූ 11 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්රල් (විශ්‍රාමික) කේ.කේ.එස්.ආර්.ඩබ්ලිව්.පී රත්නායක මහතා වෙනුවෙන් නුවර දිගන ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ...
2020-02-27 16:45:28
ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න අද (27) උදෑසන පැවති සරල උත්සවයකදී සිය රාජකාරි කටයුතු භාරගත් අතර එහිදී, එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දෙන ලදී.
2020-02-27 16:35:28
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් ඉකුත් සෙනසුරාදා (22) සිට බදාදා (26) දින දක්වා කාලය තුළ එම ප්‍රදේශය ආශ්රිත ස්ථාන කිහිපයකදී වැඩසටහන් කිහිපයක් පවත්වනු ලැබීය. ඒ අනුව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි පිහිටි ශාන්ත තෙරේසා දේවස්තානයේ දී පැවති දේව මෙහෙය සමඟ සංවත්සර වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් විය.
2020-02-27 16:30:28
පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා ඉකුත් අඟහරුවාදා (25) දින නන්දිකඩාල් පිහිටි එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා සේනාංකාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-02-27 16:00:28
බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ඉකුත් බදාදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.
2020-02-27 15:30:28
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සෙනසුරාදා (22) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511, 515 සහ 513 වන බලසේනා මූලස්ථානයන්හී සංචාරයක නිරත වූහ.
2020-02-27 14:20:48
කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එල්.පි.ආර් ප්‍රේමලාල් ඉකුත් බදාදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.
2020-02-27 12:10:48
ශ්‍රී ලංකා සංඥා බළකායේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරී ආරම්භ කළ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ඉකුත් බදාදා (26) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරය කළ අතර එහිදී එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.