Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 16:30:28 Hours

අභිනවයෙන් උසස්වීම් ලද 59 වන සේනාංකයේ සේනාංකාධිපතිට එම සේනාංක මූලස්ථානයෙන් උණූසුම් පිළිගනීමක්

පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා ඉකුත් අඟහරුවාදා (25) දින නන්දිකඩාල් පිහිටි එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා සේනාංකාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ එතුමන් ඉන් අනතුරුව, එම සේනාංකයේ භටපිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එම සේනාංකයේ බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සහභාගී වූහ.

තවද, සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ සූදානම් කර තිබූ තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් ඉන් අනතුරුව, සියළු නිලයින් සමඟින් සුහද පිළිසඳරක නියැළීමෙන් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.

මෙම අවස්ථාව සඳහා 591 සහ 593 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 59 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලූම අණදෙන නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. short url link | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth