Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 14:20:48 Hours

යුද්ධ හමුදා පොලිසියේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එල්.පි.ආර් ප්‍රේමලාල් ඉකුත් බදාදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

නවතමයෙන් උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් එල්. පී. ආර් ප්‍රේමලාල් ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිලිගැනිමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් පිරිනමනු ලැබීය. පසුව එතුමන් සිය කාර්යයාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී කටයුතු භාරගත්හ.

ඉන් අනතුරුව පැවැති සියළු නිල තේපැන් සංග්‍රහයෙන් පසු දවසේ වැඩසටහන නිමාවට පත්විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

අභිනවයෙන් එම තනතුරේ වැඩ භාරගත් මේජර් ජෙනරාල් ප්‍රේමලාල් ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද ආඥාපති ලෙසද කටයුතු කරනු ලබයි. Running sports | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4