Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 17:03:28 Hours

විශ්‍රාමික වීරෝධාර රණවිරුවාට නව නිවසක්

2009 මැයි මාසයට පෙර පැවති ත්‍රස්ත ප්‍රහාරවලින් 7 වතාවක් තුවාල ලැබූ 11 වන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල් (විශ්‍රාමික) කේ.කේ.එස්.ආර්.ඩබ්ලිව්.පී රත්නායක මහතා වෙනුවෙන් නුවර දිගන ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ සහ යුද හමුදා භඨකාර්ය සම්පාදන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී එම රණවිරුවා වෙත භාරදෙනු ලැබීය.

යුද්ධයෙන් හත් වරක් දරුණු ලෙස තුවාල ලැබු මෙම නිර්භීත රණ විරුවා වෛද්‍ය උපදෙස් මත විශ්‍රාම යන තෙක් ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති යුද සටනින් ජයග්‍රහණය කිරීමට ඵලදායි ලෙස නිර්භයව දායක වු බවත් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යාමට බල කරන තෙක් ත්‍රස්තවාදීන්ට එරෙහි පැවති සටනට තමා අඛණ්ඩව සහභාගී වු බවත් මෙම රණශූරයා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම විරුවාට ඔහුගේම ඉඩමක ස්ථිර නිවසක් නොමැති බව එවකට 11 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මීට මාස කහිපයකට පෙර නිරීක්‍ෂනය වී තිබුණි.

ඒ අනුව ඉන් සති කිහිපයකට අනතුරුව, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ මෙම නිවස ඉදිකිරිමට මූලිකත්වය ගෙන ඇති අතර එතුමන් බලසේනාධිපති ලෙස රාජකාරි කටයුතු සිදු කරනු ලබන අවස්ථාවේ වැලිඔය ප්‍රදේශයේදී මෙම වීරුවා තුවාල ලබා තිබුණි. මෙම විරුවාට නව නිවසක් ඉදිකිරීම සඳහා නුගේගොඩ සෙවන හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගමේ සභාපති සුරාජ් සංජීව ද සිල්වා මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.

අනුග්‍රාහකයාගේ මූල්‍යමය දායකත්වය ඇතිව ප්‍රතිලාභියා අයත් ඒකකය වන 11 වන ගැමුණු හේවා බලඇණියේ යුද හමුදා සාමාජිකයින් සහ ඉංජිනේරු සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඔවුන්ගේ මිතුරු වීරෝධාර සෙබලා වෙනුවෙන් සති කිහිපයක් ඇතුළත නව නිවසක් ඉදිකරනු ලැබ තිබුණි.

ඒ අනුව මහනුවර, දිගන ඉදිකරනු ලැබු එම නව නිවසේදී පැවති සරල උත්සවයකදී එය මෑතකදී විශ්‍රාම දිවියට එළඹි රණවිරුවාට භාර දෙනු ලැබුවේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද සුභ පැතුම් එක් කරමිනි.

මෙම උත්සව අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ සහ සුරාජ් සංජීවා ද සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව නිවස ඉදිකරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. Running sport media | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today