Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 16:45:28 Hours

නව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න රාජකාරි අරඹයි

ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න අද (27) උදෑසන පැවති සරල උත්සවයකදී සිය රාජකාරි කටයුතු භාරගත් අතර එහිදී, එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දෙන ලදී.

නව අධ්‍යක්‍ෂතුමන් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් ඉදිරියේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම පනාගොඩ පිහිටි කාලතුවක්කු බළසේනාවේ බලසේනාධිපති ලෙස සේවය කර තිබිණි.

මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 21 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත. Best jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News