Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 16:00:28 Hours

යුද්ධ හමුදා කාන්තා බළකායේ නව කර්නල් සේනාවිධායකතුමන් රාජකාරි කටයුතු අරඹයි

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ඉකුත් බදාදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් වෙත එම රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකාවන් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයක් පිරිනමනු ලැබීය. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව නව කර්නල් සේනාවිධායකතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයේදී එම රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකාවන් සමඟ සුහද පිළිසඳරක නියැළුණි.

එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 18 වන කර්නල් සේනාවිධායක වනු ඇත. latest jordans | Air Jordan