Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 12:10:48 Hours

ශ්‍රී ලංකා සංඥා බළකායේ නව කර්නල් සේනාවිධායක රෙජිමේන්තු මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා සංඥා බළකායේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරී ආරම්භ කළ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ඉකුත් බදාදා (26) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරය කළ අතර එහිදී එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස රාජකාරී කරන මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය එම රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත උපහාර දැක්වීය. සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ආගමික වතාවත්වල නිරතවීම සහ අනෙකුත් චාරිත්‍රයන් සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයින් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඉන් අනතුරුව නිලධාරී නිවස්නයේ පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයකින් උත්සව කටයුතු නිමාවට පත්විය.

මීට ප්‍රථම මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි විසින් මෙම ධූරයේ රාජකාරි හෙබවූ අතර එතුමන් මීට දින කිහිපයකට ප්‍රථම සිය යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගනු ලැබීය. Best Nike Sneakers | Nike Shoes