27th February 2020 16:35:28 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් ඉකුත් සෙනසුරාදා (22) සිට බදාදා (26) දින දක්වා කාලය තුළ එම ප්‍රදේශය ආශ්‍රිත ස්ථාන කිහිපයකදී වැඩසටහන් කිහිපයක් පවත්වනු ලැබීය. ඒ අනුව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි පිහිටි ශාන්ත තෙරේසා දේවස්තානයේ දී පැවති දේව මෙහෙය සමඟ සංවත්සර වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් විය.
එදින සන්ධ්‍යාවේදී, කිළිනොච්චි පිහිටි කන්දසාමි හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් පවත්වමින් 57 වන සේනාකයට ආශිර්වාද කරනු ලැබීය. එමෙන්ම, 57 වන සේනාංකයට ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් ඉකුත් සඳුදා (24) දින කිළිනොච්චි පිහිටි සලාම් ජුම්මාහ් පල්ලියේදී ද ඉස්ලාම් දේව මෙහෙයක් සිදුකරනු ලැබීය.
එමෙන්ම, ඉකුත් අඟහරුවාදා (25) දින සන්ධ්‍යාවේ පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශණාවක් පැවැත්වූ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 600 දෙනෙකු සහභාගී වූහ.
ඉකුත් බදාදා (26) දිනට යෙදුනු සංවත්සර දිනයේ උත්සවය ආරම්භයේදී 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එම අවස්ථාව සංකේතවත් කරමින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ නිලධාරීන් සහ සේනාංකයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමූහ ඡායාරූපයක් ද ගනු ලැබීය. පසුව, භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් කොනොනි සමාජ ශාලාවේ සංවිධානය කර තිබූ සියළු නිල දිවා භෝජන සංග්‍රහයටද එක්විය.
සංවත්සර සැමරුම් උත්සවයේ අවසානය සනිටුහන් කරමින් 57 වන සේනාංකයේ සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. latest jordans | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf