Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2020 08:00:33 Hours

නාවික කණිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව හදාරන්නන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වෙති

නාවික කණිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 26 හදාරන බංගලාදේශ නාවික නිලධාරියෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරින් විසිතුන්දෙනෙකු සහ උපදේශකයින් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් බදාදා (26) දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූහ.

එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නිලධාරින් පිරිස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායක නියෝජනය කරමින් එම රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරී 1 (භකාස) ලුතිනන් කර්නල් එච්.කේ. තිලකරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් එම නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබූ අතර එම රෙජිමේන්තුවට අයත් උපකරණ පිළිබඳව ද පැහැදිලි කරනු ලැබීය. පසුව, මෙම නියෝජිත පිරිස රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්වූහ. අවසානයේ, මෙම සංචාරය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරනු ලැබූ අතර සමූහ ඡායාරූපයකට ද සියළු නිලධාරින් සහභාගී වූහ. Sports brands | Air Max