28th February 2020 10:58:33 Hours
යුද්ධ හමුදාවේ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරාල් අදීප තිලකරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
මේජර් ජෙනරාල් තිලකරත්න මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.
ඉන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහයට එක්වූ එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.ජේ. පීරිස්, සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.පී. පෙරේරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, අණදෙන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. Running sport media | UK Trainer News & Releases