Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2020 15:30:28 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ ස්ථානගත බලසේනා මූලස්ථාන තුනක සංචාරයක නියැළෙයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සෙනසුරාදා (22) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511, 515 සහ 513 වන බලසේනා මූලස්ථානයන්හී සංචාරයක නිරත වූහ.

ප්‍රථමයෙන්ම, 511 වන බලසේනා මූලස්ථානයෙහි සංචාරය කළ ආඥාපති, එම බලසේනාවේ බලසේනාධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම බලසේනාවේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් එතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබීය. එම කඳවුරු පරිශ්‍රයේ රැඳී සිටි කාලය තුළ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති 511 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් සහ භටපිරිස් අමතනු ලැබීය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය 515 සහ 513 වන බලසේනා මූලස්ථානයන්හි සංචාරය කරනු ලැබීය. එහිදී ද, එම බලසේනාවල බලසේනාධිපතිවරුන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති උණුසුම් අයුරින් පිළිගෙන එම බලසේනාවල කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය. තවද, එම බලසේනා මූලස්ථානයන්හි සේවයේ නියුතු භටපිරිස් ද එතුමන් අමතනු ලැබීය. latest Running | Zapatillas de running Nike - Mujer