2020-04-23 10:33:47
මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැන්ගුණවැවේ ධම්මරත්න නායක හිමිපාණන් ඉකුත් අහරුවාදා (21) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හරහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකා අරමුදලට රුපියල් මිලියනයක මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.
2020-04-23 10:29:12
රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ 5 වන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් ශාන්ත රාජකරුණා ඉකුත් අඟහරුවාදා (21) දින යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ දී රාජකාරි ආරම්භ කරන ලදී. එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2020-04-23 10:19:42
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (21) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත ගල්කදවල, උරේවා, මාවතවැව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචි පවුල් 75 ක් වෙත වියළි සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.
2020-04-22 19:28:28
කෑගල්ල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ නවීදු නිකිත් වීරරත්න (12 ශ්‍රේණිය), ලෙනත් ප්‍රනාන්දු (7 ශ්‍රේණිය) සහ අන්සරා අයෝධ්‍ය විමලසිංහ යන සිසුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නවෝත්පාදනයන් ලෙස නිර්මාණය කරන ලද විෂබීජහරණ කුටියක්...
2020-04-22 19:00:41
පාකිස්තානයේ පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගී වූ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු ගුවන් මගීන් 106 දෙනෙකු අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඊයේ (21) දින සන්ධ්‍යාවේ ලාහෝර් ගුවන් තොටුපලේ සිට කොළඹ බලා පැමිණෙන ලදී.
2020-04-21 19:00:54
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පවතින 14 වන සේනාංකයේ 141, 142, 143 සහ 144 බලකායන්ට අනුයුක්තව යුද්ධ හමුදා භඨයින් විසින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ...
2020-04-21 18:32:19
ත්‍රිකුණාමලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සහ 221 වන බලසේනාවේ මෙන්ම 2 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව ජංගම සේවාවක් මගින් ඉකුත් සඳුදා (13) දින මනියාවෙලි ග්‍රාම නිලධාරී කොට්ඨාශය ආවරණය වන පරිදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන් සහ නිවාස පරීක්ෂා කිරීමට සහාය වූහ.
2020-04-21 18:25:48
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (18) දින සිය වැටුප් පරිත්‍යාගයෙන් යාපනය ගුරුනගර් ධීවර ගම්මානයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සළාක මලු තොයක් බෙදාදෙන ලදී.
2020-04-21 18:18:48
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සදුදා (20) දින මුලතිව් දිස්ත්‍රික්කයේ වෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 300 ක් වෙත වියළි සළාක මලු බෙදාදීම සඳහා...
2020-04-21 18:11:59
වැසි සමය ආරම්භ වීමත් සමඟ, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (19) දින යාපනය නගරය සහ ඒ ආශ්රිත එහි තදාසන්න ප්‍රදේශ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.