21st April 2020 19:00:54 Hours
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පවතින 14 වන සේනාංකයේ 141, 142, 143 සහ 144 බලකායන්ට අනුයුක්තව යුද්ධ හමුදා භඨයින් විසින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පීඩාවට පත් ජනතාව අතර වාර්තා ගත අයුරින් නැවුම් එළවළු ටොන් 168 ක් බෙදා හැරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන් දායක වූහ.මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පරිත්‍යාගශිලියෙකු වන පියසේන ගමගේ මහතා විසින් මුල්‍යමය අනුග්‍රාහකත්වය දක්වා තිබුණි.
මේ අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පූර්ණ ආශිර්වාදය මත සිදුකරන ලද අදාළ සමාජ සත්කාරය පිළිබඳව දැනුවත් වූ යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉරෝෂ් වනිගසේකර ඉකුත් සඳුදා ( 20 ) දින එම එළවළු තොගය ප්‍රවාහනය කිරිම සඳහා යුද්ධ හමුදා ට්‍රක් රථ 43 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත යවා තිබේ. අදාළ එළවළු තොගය රුපියල් මිලියන 12 කට අධික වටිනාකමකින් යුත් පිපිඤ්ඤා, මාළු මිරිස්, බීට් රූට්, තක්කාලි, වම්බටු සහ අමුමිරිස් ආදිය විවිධ එළවළු වර්ගයන්ගෙන් සමන්විතය.
මේ අනුව යුද්ධ හමුදා ට්‍රක් රථ මගින් අදාළ එළවළු තොගය කොළඹ නගරයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු 150 දෙනෙකුට ආසන්න භඨ පිරිසක් එම එළවළු තොගය වෙන වෙනම පාර්සල් වශයෙන් ඇසුරුම් කළ අතර එක් බෑගයකට කිලෝ ග්‍රෑම් 5ත් 6 ත් අතර එළවළු ප්‍රමාණයක් බැගින් සම්පූර්ණ වශයෙන් එළවළු පාර්සල් 15 000 කට අධික ප්‍රමාණයක් ඇසුරුම් කර තිබිණි. රු 5000 බැගින් වූ රජයෙන් ලබා දෙන දීමනාව ලබා ගැනීමට හිමිකම් ඇති පවුල් මෙන්ම ඇඳිරිනිතීය හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත්වූ පවුල් වෙතද මෙම එළවළු පාර්සල් නොමිලේ බෙදාහැරීමට අද ( 21 ) පෙරවරුවේ අදාළ සේනාංකයන් හා බලසේනාවන්හි භඨ පිරිස් ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ අතර අඩු ආදායම් පවුල් හදුනා ගැනීම වෙනුවෙන් අදාළ ප්‍රදේශයන්හි ග්‍රාමසේවා නිළධාරීන් ඇතුළුව අනෙකුත් රාජ්‍ය නිළධාරීන් ද මැදිහත් වී තිබුණි. එමෙන් ම අදාළ එළවළු පාර්සල් ඇසිරීම වෙනුවෙන් පරිසර හිතකාමී පොලිතීන් බෑග් සහ ඇසුරුම් ලබාදීමට යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂක තුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එ් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සහ වෙනත් පෞද්ගලික ව්‍යවසායකයන් පිරිසක් ඉදිරිපත් වී තිබිණි.
එමෙන් ම නැවුම් එළවළු නොමිලයේ බෙදා හැරීම වෙනුවෙන් සිදු කරනු ලැබූ මෙම සමාජ සත්කාරය තවදුරටත් අදාළ දිස්ත්‍රික්කයන් තුල ක්‍රියාත්මක වන අතර එය බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්නගේ උපදෙස් මත 14 වන සේනාංකයේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ඒ. එස්. ආරියසිංහගේ පූර්ණ අධීක්ෂණය මත සිදුකෙරෙමින් පවතියි. Running Sneakers | Air Jordan Release Dates 2020