Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2020 18:32:19 Hours

යුද්ධ හමුදා භට පිරිස් ත්‍රීකුණාමලයේ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරයි

ත්‍රිකුණාමලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සහ 221 වන බලසේනාවේ මෙන්ම 2 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව ජංගම සේවාවක් මගින් ඉකුත් සඳුදා (13) දින මනියාවෙලි ග්‍රාම නිලධාරී කොට්ඨාශය ආවරණය වන පරිදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන් සහ නිවාස පරීක්‍ෂා කිරීමට සහාය වූහ.

වැසි සමය ආරම්භ වීමත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවයක් ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිවන බැවින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල මාරසිංහ විසින් ලබාදුන් පදෙස් පරිදි එම බලප්‍රදේශයේ භටපිරිස් විසින් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන දියත් කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුර, ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඇති නිවාස 05 ක් ඔවුන්ගේ නිරික්‍ෂණය ලක්ව ඇති අතර, එහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද සහ උපදෙස් ලබාදී තිබිණි. තවද ඔවුන්ට එරෙහිව ඉදිරි කාලසීමාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය දිවා කාලයේදී නිම කිරීම සඳහා ත්‍රිකුණාමලයේ සෙෘඛ්‍ය පරික්‍ෂක කාර්යාලයේ සහකාර මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව කටයුතු කළහ. Running sports | Nike for Men