Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2020 19:28:28 Hours

නවෝත්පාදනයන් ලෙස සිසුන් අතින් නිර්මාණය වූ විෂබීජහරණ කුටිය ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානය වෙත පරිත්‍යාග කෙරේ

කෑගල්ල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ නවීදු නිකිත් වීරරත්න (12 ශ්‍රේණිය), ලෙනත් ප්‍රනාන්දු (7 ශ්‍රේණිය) සහ අන්සරා අයෝධ්‍ය විමලසිංහ යන සිසුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නවෝත්පාදනයන් ලෙස නිර්මාණය කරන ලද විෂබීජහරණ කුටියක් ඉකුත් සෙනසුරාදා (18) දින යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ස්ථානවල භාවිතා කිරීම සඳහා ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.

ඉතා අවම වියදමකින් සිය දෙමවුපියන් ලබාදුන් අනුග්‍රහය මත නිපදවනු ලැබු මෙම විෂබීජහරණ කුටිය තත්පර 9 ක් වැනි කෙටි කාලසීමාවක් පුරා ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන අතර, මෙය නිෂ්පාදනය කිරිම වෙනුවෙන් එම සිසුන් අයත් පාසලේ කලාප අධ්‍යාපන අධක්‍ෂක සහ විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් අවශ්‍ය උපදෙස් ලබාදී තිබුණි.තවද ඕනෑම ස්ථානයක් වෙත රැගෙන ඉතා පහසුවෙන් රැගෙන යා හැකි මෙම විෂබීජහරණ කුටිය නිර්මාණය කිරිම පිළිබදව ගැමුණු හේවා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ කෘතඥතාවය එම සිසුන්ට හිමි විය. තවද එම සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඇගයීමට ලක් කිරිමටද මධ්‍යස්ථාන සේනාවිධායක කටයුතු කර තිබුණිBuy Kicks | Jordan Shoes Sale UK