Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 10:33:47 Hours

මිහින්තලේ රජමහා විහාරයේ විහාරධිපති හිමියන් ජනාධිපති අරමුදලට පරිත්‍යාග කළ මුදල් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිට භාර දෙයි

මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැන්ගුණවැවේ ධම්මරත්න නායක හිමිපාණන් ඉකුත් අහරුවාදා (21) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය හරහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකා අරමුදලට රුපියල් මිලියනයක මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

සෞඛ්‍ය උපදෙස් හා පවතින සීමාවන් සැලකිල්ලට ගනිමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හට විහාරස්ථානයට එම පරිත්‍යාගය භාරගැනීම ගන්නා ලදී.

මෙම පරිත්‍යාගය භාරගැනීමේ අවස්ථාවට මිහින්තලේ රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ සහ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහභාගී වූහ. url clone | Air Jordan