22nd April 2020 19:00:41 Hours
පාකිස්තානයේ පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගී වූ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු ගුවන් මගීන් 106 දෙනෙකු අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඊයේ (21) දින සන්ධ්‍යාවේ ලාහෝර් ගුවන් තොටුපලේ සිට කොළඹ බලා පැමිණෙන ලදී.
ඔවුන්ගේ පාඨමාලාවන් අවසන් වූ පසු, පවත්නා තත්ත්වයන් හේතුවෙන් එම හමුදා සාමාජිකයින් මාසයකට වැඩි කාලයක් පාකිස්තානයේ රැඳී සිටියහ.
මෙලෙස දිවයිනට පැමිණි මගීන් 106 දෙනාගෙන් 24 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා පකිස්තානයට ගිය සිසුන් වේ.
පූනානි නිරෝධාන මධ්‍යස්ථාන සහ වයික්කල ඩොල්ෆින් හෝටලයේ නිරෝධාන මධ්‍යස්ථානය වෙත දිවයිනට පැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු සියලුදෙනා යොමු කිරීමට කටයුතු සුදානම් කර තිබිණි.
නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට පෙර එම මගීන් රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 1206 දරණ ගුවන් යානය ගුවන් තොටුපළට ගොඩ බස්සවනු ලැබීය. Nike air jordan Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov