Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 10:29:12 Hours

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ රාජකාරි අරඹන සහ නික්මයන සේනාවිධායකවරුන්ට උපහාර

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ 5 වන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් ශාන්ත රාජකරුණා ඉකුත් අඟහරුවාදා (21) දින යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ දී රාජකාරි ආරම්භ කරන ලදී. එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ නෙල්ලි පැළයක් රෝපණය කළහ. මෙම උත්සවය සියලුනිල තේපැන් සංග්‍රහයකින් නිමාවට පත්විය.

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ සමුගැනීමේ උත්සවය ඉකුත් සඳුදා (20) දින පැවැති අතර ඒ සඳහා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ.

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු සියලුම නිලයින් නික්ම යන සේනාවිධායකතුමන් උණුසුම් අයුරින් පිළිගෙන ගෞරවාචාර පිරිනැමිමෙන් අනතුරුව එතුමන් සියලුදෙනා සමඟ සුහද පිළිසඳරක යෙදිණ.. වර්තමාන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම අවස්ථාවට සහභාගී වූ යක්කල සහ අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් නික්මයන සේනාංකාධිපතිතුමන්ට සුබපැතුම් එක් කළහ. jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth