Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2020 18:18:48 Hours

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් සැපයු වියළි සළාක මලු තොගයක් වෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සදුදා (20) දින මුලතිව් දිස්ත්‍රික්කයේ වෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 300 ක් වෙත වියළි සළාක මලු බෙදාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී. 623 වන බලසේනාවේ බලසේනාධිපති ගේ ඉල්ලීමකට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙලෙස බෙදාදෙන ලද වියළි ආහාර සලාක මලු සඳහා අවශ්‍ය මූලික අනුග්‍රාහකත්වය දැක්විය.

මෙම වැඩසටහන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ සහ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ උපදෙස් මත 623 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.

මෙම වියළි සළාක මලු සිවිල් වැසියන්ට බෙදාදීම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 623 වන බලසේනාවේ බලසේනාධිපති, 11 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ඇතුළු සෙසුනිලයින් රැසක් එක්වූහ. Nike shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp