Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 10:19:42 Hours

වන්නි ප්‍රදේශයේ පවුල් 75 කට වියළි සලාක මලු බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (21) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත ගල්කදවල, උරේවා, මාවතවැව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචි පවුල් 75 ක් වෙත වියළි සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ අධීක්ෂණය යටතේ 621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වියළි සලාක මලු බෙදාදීම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 වන බලසේනාවේ බලසේනාධිපති සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sports brands | Nike Dunk - Collection - Sb-roscoff