2020-04-30 09:12:35
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) දින පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1188 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
2020-04-30 09:10:35
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ කටයුතු සඳහා භාවිතා කිරීම සඳහා පනාගොඩ ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා රෙජිමේන්තු මූලස්ථානය වෙත ඇහැළියගොඩ සීමාසහිත හයිඩ්රාමනි සමාගම (Eheliyagoda Hirdramani Company Ltd) විසින් පරිත්‍යාග කරනු ලැබූ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් එම රෙජිමේන්තු මූලස්ථානය යටතේ කොළඹ සහ වෙනත් ප්‍රදේශවල ඇති සියලුම ඒකක අතර බෙදා හරින ලදී.
2020-04-30 09:00:35
කොවිඩ් - 19 වෛරසය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉටු කරනු ලබන අවධානම් සහගත කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් සෙංකඩගල සිංහ සමාජය විසින් සිකුරාදා (24) දින පුද්ගලික ආරක්ෂණ උපකරණ 60ක්, උෂ්ණත්වමාපක දෙකක් සහ මුහුණු ආවරණ 30ක් මහනුවර, පල්ලෙකැළේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානය වෙත පරිත්‍යාග කරනු ලැබීය.
2020-04-30 08:15:35
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ගල්කන්ද සහ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 93 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.
2020-04-30 08:00:35
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 64 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 642 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බදාදා (29) දින ඔඩ්ඩුසුඩාන් හන්දියේ රථවාහන ධාවනය අවහිර වෙමින් මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත ගසක් ඉවත් කරීම සඳහා සිවිල් බලධාරීන්ට සහාය දැක්වූහ.
2020-04-29 22:15:54
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ සිටි හමුදා නිලධාරින්, ශිෂ්‍යයින්, රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 144 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (29) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1196 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
2020-04-29 22:00:54
යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමන් ඇතුළු සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඉකුත් බදාදා (29) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවැත්වූ හදිසි හමුවකදී රට පුරා ඇති යුද්ධ හමුදා කඳවුරු වල නිවාඩු ලබා ආපසු පැමිණීමෙන් අනතුරුව...
2020-04-29 21:08:31
ස්වාධීන රූපවාහිනි නාලිකාවේ බදාදා (27) දින සන්ධ්යායේ විකාශය වූ ‘දොරමඩලාව’ වැඩසටහනට විද්වතුන් පිරිසක් එක් වූ අතර...
2020-04-29 18:33:07
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කටුකැලියාව සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 62 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (29) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
2020-04-28 20:03:07
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි සහ දම්මින්න යන නිරෝධායන මධ්‍යස්ථානයන්හී සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 77 දෙනෙකු යුත් කණ්ඩායමක් අඟහරුවාදා (28) දින අදාළ වෛද්‍ය උපදෙස්...