29th April 2020 22:15:54 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ සිටි හමුදා නිලධාරින්, ශිෂ්‍යයින්, රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 144 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (29) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1196 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් එම විදේශිකයන් දිගු කාලයක් ඉන්දියාවේ රැඳීසිටීමට සිදුවිය. latest jordans | NIKE