Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 08:15:35 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 93 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ගල්කන්ද සහ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 93 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිස වෙත යුද්ධ හමුදාව වෙතින් පිරිසිදු පානීය ජල බෝතල්, දිවා ආහාර පාර්සල් සහ වැඩිහිටි පුද්ගලයින් 38 දෙනෙකුට සරමක් සහ ටී - ෂර්ටයක් එකක් ඇතුළු පාර්සලයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

මේ අතර, ඔවුන්ගේ ගමනාන්තයන් කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් අතර නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. spy offers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov