Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2020 18:33:07 Hours

යුද්ධ හමුදාව සහ නාවික හමුදාව වෙතින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කටුකැලියාව සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 62 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (29) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

පුත්තලම සහ කොළඹ වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි. නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. best Running shoes | Women's Designer Sneakers - Luxury Shopping