Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2020 20:03:07 Hours

නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධානය වූ තවත් 77 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි සහ දම්මින්න යන නිරෝධායන මධ්‍යස්ථානයන්හී සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 77 දෙනෙකු යුත් කණ්ඩායමක් අඟහරුවාදා (28) දින අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම කොළඹ, අක්කරෙයිපත්තු යන ප්‍රදේශයන්හී ගමනාන්තයන්හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි. පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හි අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ. Sports Shoes | nike air force 1 shadow , eBay