29th April 2020 22:00:54 Hours
යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමන් ඇතුළු සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඉකුත් බදාදා (29) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවැත්වූ හදිසි හමුවකදී රට පුරා ඇති යුද්ධ හමුදා කඳවුරු වල නිවාඩු ලබා ආපසු පැමිණීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයකට ලක්කර ඇති සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ලබාදිය හැකි උපරිම පහසුකම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
“නිවාඩු ගොස් නැවත ඔවුන්ගේ සේවා ස්ථානවලට හෝ අදාළ ඒකකයන් වෙත ආපසු පැමිණෙන යුද්ධ හමුදා සාමාජිකයින් ආරක්‍ෂක පියවරක් වශයෙන් හුදකලා කර තැබීම තුලින් එම නිලධාරීන් සහ සෙසු නිලයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්‍ෂාව සහ මෙම රෝගය වළක්වාගැනීම එහි අරමුණයි. පවත්නා අවහිරතා සැලකිල්ලට ගනිමින්, නිවෙස්වල ගෘහ මූලිකයින් නොමැති විට ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය මූලික අවශ්‍යතා, ආහාර සහ වෙනත් අවශ්‍යතා ඇතුළු සියළු අවශ්‍යතාවන් ආවරණය කරමින් එම ගැටළු විසඳීමට මෙහෙයුම් යාන්ත්‍රණයක් මඟින් එම අවශ්‍යතා සපයාලීමට කටයුතු කළ යුතුය.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.
“නැවත පැමිණෙන සියළු යුද්ධ හමුදා සාමාජිකයින් මේ වන විට හුදකලා කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය අධීක්‍ෂණයන් මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට ගැලපෙන පරිදි ආහාරපාන හා නිසි නවාතැන් පහසුකම් මෙම කාලය අවසන් වන තෙක් ලබා දිය යුතුය. පවතින හදිසි තත්ත්වය හේතුවෙන් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට සෑම විටම වඩා අවධානයෙන් යුතුව ආරක්‍ෂිතව එකිනෙකා රැකබලා ගනිමින් කටයුතු කළයුතු බව” එතුමන් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.
තවද, මේ ආකාරයෙන් වාර්තා කරන ලද සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සහ අනෙකුත් අයවළුන්ගේ ආරක්‍ෂාව සඳහා නිරෝධායන කටයුතු සඳහා වෙන්කළ විශේෂිත කඳවුරුවල හෝ හුදකලා කිරීමේ අරමුණින් වැඩිදියුණු කරන ලද ස්ථානවලට සීමා කර ඇති අතර එම මධ්‍යස්ථානවල නැවතී සිටින කාලය තුළ මෙම ක්‍රියා පටිපාටිය හොඳින් සිදු කලයුතු බව සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වටහා ගත යුතු බව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පෙන්වා දුන්නේය.
යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ද සහභාගී වූහ. Best Authentic Sneakers | Air Jordan Release Dates 2020