29th April 2020 21:08:31 Hours
ස්වාධීන රූපවාහිනි නාලිකාවේ බදාදා (27) දින සන්ධ්‍යායේ විකාශය වූ ‘දොරමඩලාව’ වැඩසටහනට විද්වතුන් පිරිසක් එක් වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්වූ අතර එහිදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව විස්තර කළ අතර මෙම මාරාන්තික වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා අනාගත කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමු කරමින් පැහැදිලි කළහ.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍ය සීතා අරම්බෙපොල සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා යන විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. Sports News | Sneakers