Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 09:00:35 Hours

11 වන සේනාංකය වෙත උෂ්ණත්වමාපක සහ විශේෂ මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

කොවිඩ් - 19 වෛරසය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉටු කරනු ලබන අවධානම් සහගත කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් සෙංකඩගල සිංහ සමාජය විසින් සිකුරාදා (24) දින පුද්ගලික ආරක්‍ෂණ උපකරණ 60ක්, උෂ්ණත්වමාපක දෙකක් සහ මුහුණු ආවරණ 30ක් මහනුවර, පල්ලෙකැළේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මහනුවර ශික්‍ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසේල රත්නායක ගේ සම්බන්ධීකරණයෙන් යුතුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර විසින් මෙම භාණ්ඩ තොගය පිළිගනු ලැබිණි.

මේ අතර, ඉකුත් සඳුදා (26) දින ‘ද ඩිසයිනර් ෆැෂන් පුද්ගලික සමාගමේ’ (The Designer Fashion Private Limited) හිමිකරු නිලූක පැපිළියාන මහතා 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත පුද්ගලික ආරක්‍ෂණ උපකරණ 30ක් පරිත්‍යාග කළේය. Sports News | UK Trainer News & Releases