2021-07-06 18:20:05
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 12 කට සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 22 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සිකුරාදා (02) දින සිදුකරන ලදී.
2021-07-06 18:15:58
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 919 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-06 18:14:59
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදුන් 653 වන බලසේනා බලප්‍රදේශයේ ජිවත් වන සිවිල් වැසියන් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ජූනි මස 23 වන දින කිරිසුඩ්ඩාන් විද්‍යාලයේදී පවත්වන ලදී.
2021-07-06 18:02:43
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න පසුගිය අඟහරුවාදා (29) දින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-07-06 17:51:56
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ භටපිරිස් යාපනය ශික්ෂණ රෝහලට නව ඇඳන් 110 ක් සකස්කරදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
2021-07-05 23:18:34
මිද්දෙනිය ප්‍රාථමික විද්‍යාලය සහ කණිෂ්ඨ විද්‍යාලය අතර බොහෝවිට ප්‍රධාන මාර්ගය තරණය කරමින් මාරුවන සිසුන්ගේ ආරක්ෂාව උදෙසා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් පසුගියදා ගුවන් පාලමක් ඉදිකරන ලදී.
2021-07-05 23:12:37
කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, 2021 වර්ෂයේ - මහ කන්න සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් නිෂ්පාදනය කිරීම ඉලක්ක කරගනිමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලසථානය - යාපනය සම්බන්ධතාවයෙන් උද්‍යාන සැකසුම්...
2021-07-05 23:10:37
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 869 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 53 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 816 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-07-05 23:08:35
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් 20 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී. මෙම වැඩසටහන වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේ පිහිටි තෙලිඟු විද්‍යාලයේදී පසුගිය සිකුරාදා (25) දින පැවැත්විණි.
2021-07-05 23:03:01
ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‘සත්යමුර්තී’ සමාජ සේවා සංවිධානය විසින් වියලි සලාක පාර්සල් 100 ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.