Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2021 18:02:43 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න රාජකාරි අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න පසුගිය අඟහරුවාදා (29) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.  

නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමේ අවස්ථාවටයුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. 

වර්ෂ 1988 පෙබරවාරි මස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්වූ මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න කුරිරු ත්‍රස්තවාදය හමුවේ ජාතියට විශිෂ්ඨ සේවයක් ඉටුකිරීම සඳහා වර්ෂ 1989 දෙසැම්බර් මාසයේදී කමාන්ඩෝ රෙජිමේන්තුවට ස්වකීය අභිමතය පරිදි එක් වූයේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී මේවන විට දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ධූරයේ රාජකාරී ඉටුකරනු ලබයි.  

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එක්සත් රාජධානියේ රාජකීය විද්‍යාපීඨයේ (RMAS) ආදි ශිෂ්‍යයෙක් වන අතර, එක්සත් රාජධානියේ රාජකීය විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරා ඇති කමාන්ඩෝ රෙජිමේන්තුවේ දැනට සිටින එකම නිලධාරීයාද වේ.