06th July 2021 18:20:05 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 12 කට සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 22 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සිකුරාදා (02) දින සිදුකරන ලදී.
රුපියල් 3500/= ක පමණ වටිනාකමින් යුත් මෙම වියලි සලාක පාර්සලයක සහල්, පරිප්පු, ධාන්‍ය වර්ග, කුළුබඩු, කිරිපිටි, සැමන් ආදිය අඩංගු වේ.
මෙම ව්‍යාපෘතිය 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්තගේ උපදෙස් පරිදි 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ මාර්ගෝපදේශය මත දියත් කරන ලදී.
ඒ අනුව, පුන්නාකුඩා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලටසහ එරාවූර් ප්‍රදේශයේ විහාරස්ථාන අතර වියළි සලාක පාර්සල් මෙලෙස බෙදාදුන්නේය.
මෙම බෙදාහැරීමේ අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත ,231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු පිරිසක් සහභාගී වූහ.