Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2021 23:08:35 Hours

233 වන බලසේනාවේ මුලිකත්වයෙන් වියලි සලාක පාර්සල් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් 20 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී. මෙම වැඩසටහන වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේ පිහිටි තෙලිඟු විද්‍යාලයේදී පසුගිය සිකුරාදා (25) දින පැවැත්විණි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්තා ලබාදුන් උපදෙස් මත 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් සම්බන්ධීකරණය කරන ලදී.

අඩු ආදායම්ලාභි පවුල් අතර මෙලෙස වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා සහභාගී වූ 233වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ එම අවස්ථාවට එක්වු සිවිල් වැසියන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.