Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2021 17:51:56 Hours

යාපනය ශික්‍ෂණ රෝහලේ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය දක්වයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ භටපිරිස් යාපනය ශික්‍ෂණ රෝහලට නව ඇඳන් 110 ක් සකස්කරදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

යාපනය ශික්‍ෂණ රෝහලේ බලධාරීන් විසින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 512 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ ලබාදුන් උපදෙස් මත භටපිරිස් සිය සහයෝගය දැක්වූහ.