05th July 2021 23:10:37 Hours
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 869 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 53 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 816 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 98 ක් ලෙසය. ඊට අමතරව, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 538 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (06) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 266,498 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 159,299 වේ.
අද (06) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,625 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (06) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 78 ක් තුළ පුද්ගලයින් 6,177 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (06) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 18 ක් තුළින් පුද්ගලයින් 664 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
ජුලි මස (04) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 14 ක් සහ පිරිමි මරණ 18 ක් ඇතුලුව මරණ 32 ක් වාර්තා වී ඇත.
අද (06) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ ග්‍රාම නිලධාරි වසම සහ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇත. එසේම, අද (06) දින උදෑසන සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බලප්‍රදේශයට අයත් එරාවුර් 2 ග්‍රාම නිලධාරි වසම හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.