06th July 2021 18:14:59 Hours
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදුන් 653 වන බලසේනා බලප්‍රදේශයේ ජිවත් වන සිවිල් වැසියන් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ජූනි මස 23 වන දින කිරිසුඩ්ඩාන් විද්‍යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.
ශ්‍රී ලංකාවේ විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සුභසාධනය උදෙසා කටයුතු කරන ‘The Second Coffee International’ආයතනය මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.
653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනට 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.
කිරිසුඩ්ඩාන් ප්‍රදේශයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් වෙත මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී. මෙම වැඩසටහන කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විය.