06th July 2021 18:15:58 Hours
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 919 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 201 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 456 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (07) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 267,432 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 160,135 වේ.
අද (07) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,717 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (07) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 80 ක් තුළ පුද්ගලයින් 6,170 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (07) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 23 ක් තුළින් පුද්ගලයින් 541 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
ජුලි මස (05) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 30 ක් සහ පිරිමි මරණ 15 ක් ඇතුලුව මරණ 45 ක් වාර්තා වී ඇත.
අද (07) දින උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ඩන්සින්න ග්‍රාම නිලධාරි වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජවලව්ව පෙදෙස හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.