Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2021 23:03:01 Hours

64 වන සේනාංකයේ මුලිකත්වයෙන් ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වියලි සලාක පාර්සල් බෙදාදෙති

ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‘සත්‍යමුර්තී’ සමාජ සේවා සංවිධානය විසින් වියලි සලාක පාර්සල් 100 ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.

642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රසික පෙරේරා ලබාදුන් උපදෙස් මත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අදාළ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තෝරාගත් පවුල් අතර මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදුන්හ.

ඕඩ්ඩුසුඩාන්, සම්මන්කුලම්, තණ්ඩුවාන් සහ පෙරියඉද්දිමඩු යන ප්‍රදේශවලින් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර මෙම වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන 642 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සමඟ එක්ව සංවිධානය කරන ලදී.