2021-12-31 21:15:39
‘අණදෙන නිලධාරින්ගේ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් විසින් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව දෙසැම්බර් මස 30 – 31 දෙදින තුළ එම ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත් වූ අතර වැඩමුළුව සඳහා යාපනය ආර්ධද්වීපයේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින් 31 දෙනෙකු සහභාගි වුහ.
2021-12-31 21:10:39
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපති 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, ඉකුත් සිකුරාදා (31) දින මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය.
2021-12-31 21:00:39
මුලතිව් ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරණ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම තවදුරටත් ඉහළ නැංවිමේ අරමුණින් ‘Hope of the Children’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් වල්ලිපුරම් ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ හා පාවහන් මෙන්ම ප්‍රදේශවාසීන්ට වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින දියත් කරන ලදී.
2021-12-31 20:45:39
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් බඹරදෙණිය ප්‍රදේශයේ පිහිටි වෙලම්බඩබ විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිගැන්වීමේ අරමුණින්...
2021-12-31 20:30:39
කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ සියලු නිලයන් කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (28) දින ඔඩ්ඩුසුඩාන් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-12-31 20:15:39
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස එම බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (31) දින ගම්පොල ප්‍රදේශයේ පිහිටි ‘පිහිඹියහේන වැඩිහිටි නිවාසය’ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-12-31 20:00:39
කොළඹ 8, ඩී.එස් සේනානායක විද්‍යාලයේ ගුරුවරියක් වන ආශා උපේන්ද්රානි මහත්මියගේ අනුග්‍රහය මත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 591 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (25) දින මුලතිව් ‘ලදනි’ ළමා නිවාසයේදී විශේෂ නත්තල් කැරොල් වැඩසටහනක් පවත්වනු ලැබූහ.
2021-12-31 12:04:04
කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ 42 වන සංවත්සරයට සමගාමීව ‘මී’ පැළ බෙදාදීමේ සහ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (29) දින පැවැත්විණි.
2021-12-31 11:50:29
ජාතික දුනුවිදීමේ ශූරතාවලිය - 2021, දෙසැම්බර් මස 21 සිට 23 දින දක්වා කෝට්ටේ ඉසුරු දේවප්‍රිය ක්‍රීඩාංගනයේදී පැවති අතර කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මෙවර පැවති තරඟාවලියේදී යුද්ධ හමුදා දුනුවීදීමේ ක්‍රීඩකයින් රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්මක් දිනාගැනීමට සමත්විය.
2021-12-31 11:40:29
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දිනයට සමගාමීව ප්‍රදේශයේ ජනතාව අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ...