Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 21:10:39 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරවාචාරය මධ්‍යයේ සඳුදා (03) දින

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපති 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, ඉකුත් සිකුරාදා (31) දින මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත විය.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හදිසියේ අභාවප්‍රාප්ත වු බව එම රෝහලේ වෛද්‍ය නිලධාරින් නිවේදනය කරයි. මේ වනවිට දේහය කඩවත, පහළ කරගහමුණ ප්‍රදේශයේ අංක 127/2/බි ‘සුදර්ශනී’ නිවසේ තැන්පත් කර ඇත.

වර්ෂ 1990 නොවැම්බර් මස 3 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා අධිකාරියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සඳුදා (03) දින කඩවත ඇල්දෙණිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.