Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 12:04:04 Hours

භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ සිය සංවත්සරයට සමගාමීව ‘මී’ පැළ බෙදාදීමේ වැඩසටහනක්

කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ 42 වන සංවත්සරයට සමගාමීව ‘මී’ පැළ බෙදාදීමේ සහ රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (29) දින පැවැත්විණි.

ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම වැඩසටහනේදී ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර ‘මී’ පැළ 200 ක් බෙදාදුන්හ. ඊට අමතරව, සාලාව රෝහල් පරිශ්‍රයේ පැළ 100 ක් වෛද්‍ය නිලධාරින්, හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝපණය කරන ලදී.

බටහිර පහළ කොස්ගම ගොවිජන නිලධාරි සහ ග්‍රාම නිලධාරිගේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවු මෙම වැඩසටහන සඳහා කොස්ගම, සාලාව රෝහල ආසන්නයේ පදිංචි ජනතාව සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාවට ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.