Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 20:00:39 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක්

කොළඹ 8, ඩී.එස් සේනානායක විද්‍යාලයේ ගුරුවරියක් වන ආශා උපේන්ද්‍රානි මහත්මියගේ අනුග්‍රහය මත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 591 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (25) දින මුලතිව් ‘ලදනි’ ළමා නිවාසයේදී විශේෂ නත්තල් කැරොල් වැඩසටහනක් පවත්වනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් හා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී සූරිය බංඩාරගේ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම නත්තල් කැරොල් වැඩසටහනේදී ගීතිකා ගායනා කරමින් ‘ලදනි’ ළමා නිවාසයේ නේවාසික කුඩා දරුවන්ට සහ අනෙකුත් සහභාගී වූවන් සඳහා නත්තල් අසිරිය ප්‍රදර්ශණය කළහ. 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජිව පෙරේරා ගේ දැඩි අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනේදී ‘ලදනි’ ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් විසින් නත්තල් කැරොල් ගීතිකා ගායනා ඉදිරිපත් කළහ. මෙම අවස්ථාව සඳහා ආශා උපේන්ද්‍රානි මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එන්. ටී. සී.එස් නල්ලපෙරුම ඇතුලු එම ඒකකයේ භටපිරිස් සහභාගී වූහ. මෙම නත්තල් කැරොල් වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.