31st December 2021 11:40:29 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දිනයට සමගාමීව ප්‍රදේශයේ ජනතාව අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සහ පාලම්පාසි මෙතෝදිස්ත දේවස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් නත්තල් දින (25) දියත් කරන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, රුපියල් 2500 ක් පමණ වටිනාකමින් යුත් වියලි සලාක පාර්සල් 10 ක් මෙලෙස බෙදාදුන්හ. ඊට අමතරව, එම අවස්ථාවට සහභාගි වු ළමුන්ට නත්තල් සීයා විසින් ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කළහ.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා 642 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මේදන්ක අල්විස් සහ 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහභාගි වුහ.