Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 20:45:39 Hours

ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පාසල් සිසුවෙකුට ශිෂ්‍යත්වයක් පිරිනැමේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් බඹරදෙණිය ප්‍රදේශයේ පිහිටි වෙලම්බඩබ විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්‍ෂ සිසුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිගැන්වීමේ අරමුණින් පසුගිය සඳුදා (27) දින එම සිසුවා වෙත රුපියල් 5000/= ක් වටිනා මාසික ශිෂ්‍යත්වයක් සහ රුපියල් ලක්‍ෂයක පමණ වටිනාකමකින් යුත් පරිඝණකයක් පරිත්‍යාග කරන ලදී.

සත්සර ප්‍රසාද් බණ්ඩාර සිසුවාට අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට ඇති ආර්ථික අපහසුතා පිළිබඳ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලි එම්.කොරතොට මහත්මිය දැනුවත් වීමෙන් අනතුරුව රුපියල් 5000/= ක් වටිනා මාසික ශිෂ්‍යත්වයක් පිරිනැමීමට සහ පරිඝණකයක් පරිත්‍යාග කිරීමට ඇය විසින් අනුග්‍රාහකත්වය දැක්වූවාය.

මෙම අවස්ථාව සඳහා එම්.කොරතොට මහත්මිය සමඟ ඇයගේ සොහොයුරිය සහ 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් එච්.එම්.ඒ.පී. කුමාර එක්ව සිටියහ.