31st December 2021 20:15:39 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස එම බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (31) දින ගම්පොල ප්‍රදේශයේ පිහිටි ‘පිහිඹියහේන වැඩිහිටි නිවාසය’ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම වැඩිහිටි නිවාසයේ අවශ්‍යතාවයන් පිළිබඳ සලකා බලා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වූහ.
මෙම ව්‍යාපෘතිය සඳහා 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ එම බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.