31st December 2021 21:15:39 Hours
‘අණදෙන නිලධාරින්ගේ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් විසින් සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව දෙසැම්බර් මස 30 – 31 දෙදින තුළ එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත් වූ අතර වැඩමුළුව සඳහා යාපනය ආර්ධද්වීපයේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින් 31 දෙනෙකු සහභාගි වුහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත දැනුම හා අත්දැකීම් ප්‍රායෝගිකව බෙදාහදා ගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබු මෙම වැඩමුළුවේදී අණදෙන නිළධාරීන් ලෙස තමන් යටතේ සේවයේ නියුතු භටපිරිස් නිසි ආකාරව මෙහෙයවීම සඳහා අවශ්‍ය වගකීම් සහ ගුණාංග වර්ධනය කරගන්නා අකාරය පිළිබඳ එහිදී දැනුවත් කරන ලදී.
මේජර ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දෙදින වැඩමුළුවේදී අණදෙන නිලධාරින්ගේ කාර්යභාර්ය, හමුදා මෙහෙයුම් කෙරිහි සමාජ මාධ්‍යයන්හී බලපෑම්, එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම, නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය, මෙහෙයුම් ක්‍රියාවලිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’, බලඇණිවල ක්‍රියාකාරී සැලැස්ම සහ අණදෙන නිලධාරීන්ගේ වගකීම් යන කාලීන වශයෙන් වැදගත් මාතෘකා ආවරණය වන පරිදි දේශන පැවැත්විණි.
මෙම වැඩමුළුව කණ්ඩායම් සාකච්ඡා, දේශන, භෝජන සංග්‍රහයන් සහ මණ්ඩල සාකච්ඡා වලින් සමන්විත විය. මෙම වැඩමුළුව තුලින්, අණදෙන නිළධාරීන්ට සිය ක්ෂේත්‍රයන්ට අදාලව සවිස්තරාත්මක තොරතුරු, ප්‍රවීණයන්ගේ අත්දැකීම් සහ දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවිය.
මෙම වැඩමුළුවට ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති, 51, 52 හා 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වුහ.