31st December 2021 20:30:39 Hours
කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ සියලු නිලයන් කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (28) දින ඔඩ්ඩුසුඩාන් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ කේ.කේ.සී. විමල් කුමාර මහතා, නැගෙනහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස්. යාමනී මහත්මිය, මුලතිව් කෘෂිකර්ම හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී එස්. තිජාන්තන් මහතා, මුලතිව් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථාන ගොවිපළේ කළමනාකරු ජේ. කීර්තිකන් මහතා සමඟින් බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් ද සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් කාබනික පොහොර සහ දියර පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත් අතර එම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ එම අමුද්‍රව්‍ය එකලස් කිරීමේ ප්‍රයෝගික ක්‍රමවේදයන් පිළිබඳව ද එහිදී දැනුවත් කළහ.