31st December 2021 11:50:29 Hours
ජාතික දුනුවිදීමේ ශූරතාවලිය - 2021, දෙසැම්බර් මස 21 සිට 23 දින දක්වා කෝට්ටේ ඉසුරු දේවප්‍රිය ක්‍රීඩාංගනයේදී පැවති අතර කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මෙවර පැවති තරඟාවලියේදී යුද්ධ හමුදා දුනුවීදීමේ ක්‍රීඩකයින් රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්මක් දිනාගැනීමට සමත්විය.
යුද්ධ හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේදී Compound team (හතර වතාවක්) සහ M 70 team (තෙවරක්) යටතේ තරඟවැදී රන් පදක්කම් 4 ක් දිනාගැනීමට සමත්විය. Compound team ඉසව්ව මෙම තරඟාවලියට හඳුන්වාදුන් පළමු අවස්ථාව මෙය විය.
මෙවර තරඟාවලියේ ජාතික ශූරයාට හිමි කුසලානය හිමිකරගැනීමට යුද්ධ හමුදා දුනුවිදීමේ ක්‍රීඩක කෝප්‍රල් ඒ.ඒ.එස්. වසන්ත කුමාර සමත් විය.
කෝප්‍රල් බී.ඒ.එන් වසන්ත කුමාර - රන් පදක්කමක්
කෝප්‍රල් එම්.ඒ.ඒ. නෙරංජන් - රන් පදක්කමක්
සාමාන්‍ය සෙබල එච්.ඒ.එස්.එල්. විජේසිරි - රන් පදක්කමක්
කෝප්‍රල් ඒ.ඒ.එස්. වසන්ත කුමාර - Compound team ඉසව්වට සහභාගිවීම
කෝප්‍රල් යු.ඩි.ඒ.කේ. කුලතුංග - Compound team ඉසව්වට සහභාගිවීම
ලාන්ස් කෝප්‍රල් එම්.ඩි. ගලප්පත්ති - Compound team ඉසව්වට සහභාගිවීම