2023-10-18 21:37:36
දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා 643 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව නව නිවසක් ඉදිකර පවරාදීම ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පැවති උත්සවයකදී සිදු කරනු ලැබීය.
2023-10-18 21:33:04
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 64 පාබල සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 90 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් රෝහලේ රෝගීන් සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 15) දින සංවිධානය කරන ලදී.
2023-10-18 21:30:01
යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින සිය ධූරයේ රාජකාරි භාරගත්තේය.
2023-10-18 21:27:01
61 පාබල සේනාංකයට අයත් 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුර තත්ත්වය හේතුවෙන් දූෂණයට ලක්වූ ගල්බොඩ ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-18 21:22:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ජී.ටී.කේ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ 2023 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 14 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-10-17 22:34:04
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 08) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-10-17 22:27:06
වසර 33 කට අධික සේවා කාලයකින් පසුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් පසුගිය සදුදා (ඔක්තෝබර් මස 16) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-10-16 22:26:15
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘Imagine Compassion International Ltd’ ආයතනය වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උරුම්පිරායි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය. නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ 771 වන නිවස ලෙස මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.
2023-10-16 22:20:43
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි, ‘දෙරණ’ මාධ්‍ය ජාලය, පොල් සංවර්ධන මණ්ඩලය සහ Tropicoir Lanka පුද්ගලික සමාගම එ්කාබද්ධව උතුරු ප්‍රදේශයේ දෙවන ‘පොල් ත්‍රිකෝණය’ ස්ථාපිත කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි බලප්‍රදේශයේ පොල් පැළ 100,000 ක් වගාකිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින වවුනියාව, පම්පෙමඩු ප්‍රදේශයේ ආරම්භ කරන ලදී.
2023-10-16 22:15:33
බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද, මාකල්දෙණිය ප්‍රදේශයේ නායයාමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් එම ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින ප්‍රදේශවාසීන් 149 දෙනෙකු ගනේෂා දමිළ විද්‍යාලය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.